මාලදිවයිනේ කතානායක සිව් දින නිල සංචාරයකට ශ්‍රී ලංකාවේ


( ටී.කේ.ජී.කපිල )

මාලදිවයින ජනරජයේ 19 වැනි කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ්  මහතා සිව් දින නිල සංචාරයක් සදහා  අද (16)  දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

කතානායකවරයා සමඟ දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පැමිණ සිටියහ .

මෙම පිරිස ලන්ඩන්  නුවර  සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද  කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

මෙම මාලදිවයින කතානායකවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර  19 වැනිදා යළි පිටත්වීමට නියමිතය.