මහින්ද අගමැති ධුරය දැරීම වලක්වාලන රීට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්


(නාලක සංජීව දහනායක)

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඇමැතිවරන්ට එම තනතුරු දැරීමට නොහැකිබව ප්‍රකාශ කරමින්  ක්වෝ වොරොන්ට්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණ අභියාචනාධිකරණයේ අද (23) පෙත්සමක් ගොනුකරනු ලැබීය.

අදාළ පෙත්සම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙදෙනෙකු පුද්ගලිකවම පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්ව සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

මෙම පෙත්සම සඳහා ලබන සතියේදී කරුණු ගොනුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.