විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.
මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය බාර නොදීම හේතුවෙන් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබිණි.
නිත්‍යනූකූලව අදාළ කටයුතු සිදු වූ පසු අද මහින්ද රාජපක්ෂ මහතා උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩකටයුතු ආරම්භ කළේය.
(36698)
(ඡායාරූප - ලහිරු හර්ෂණ)