
(ෂේන් සෙනෙවිරත්න)
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකු හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි .
එසේ මියගොස් ඇත්තේ හෙම්මාතගම කුඩුගලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු අරම්ලියන්ලාගේ තිලකරත්න (64) නමැති අයෙකි .
එම රැඳවියාට හෘදයාබාධය ඇතිවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ .

