
(නිමල කොඩිතුවක්කු)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු දින 03 තුල රුපියල ලක්ෂ 100 කට අධික ආදායමක් උපයා ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය කියයි.
ඉකුත්(16) ඉරිදා දහවල් 12.00 සිට දින තුනක කාළය තුළ මෙම වාර්තාගත ආදායම උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
එම කාළය තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 50,000 ක් ගමන් කර තිබූ බවත් මහාමාර්ග අමාත්‍යාංශය කියයි.
මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා(15) ජනතා අයිතියට පත් පත්කරනු ලැබීය.

