බැසිල්ගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව


ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතාට පර්ලිමේන්තු මන්ත්‍රිධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි බවට පවසමින් උලපනේ සුමංගල හිමියන් පවරා ඇති නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නොතීසි බාර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට අභියාචනාධිකරණය අද (12) නියම කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත්  විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අදාල නොතිසි බාර දෙන ලෙස  පෙත්සම්කරුවන්ගේ පාර්ශවයට  නියම කළේය.

මෙම පෙත්සම ලබන හත්වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.