බහුතරය ඇති අගමැති පදවිය දරන්න සුදුසු පුද්ගලයා සමග ජනපති කටයුතු කළ යුතුයි


(නිමල කොඩිතුවක්කු)  

  
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, අධිකරණයට, පාර්ලිමේන්තුවට සහ ජනතාවට කන් නොදී ගෝත‍්‍රක  රජ කෙනෙක් ලෙස රට පාලනය කිරිමට මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ දරන බව  සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී පැවසීය.

රට තවදුරටත් අස්ථාවර නොකර මහජන නියෝජිතයන්  බහුතරයක් සමඟ අගමැති පදවිය දරන්නට සුදුසු පුද්ගලයා සමඟ ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයිද විජේසූරිය මහතා සදහන් කළේය.

රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(04) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීවේය.

    ‘‘පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපතිවරයා විසින් කරන ලද කුමන්ත‍්‍රණය  මොන තරම් නරක තතත්වයකට අද වෙනවිට පත්වෙලාද  කියන එක  ටම් රටේ  නොදන්න කෙනෙක් දැන් නැහැ. මේ ප‍්‍රශ්නය  නිරාකරණය කිරීම සදහා ජනාධිපතිවරයා දැරූ සියලු උත්සාහයන් අද වනවිට ව්‍යාර්ථවෙලා තියෙනවා.

ඔහු ප‍්‍රථමයෙන්ම  කිවුවේ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන බව.  පාර්ලිමේන්තු වට රවුමේ  පැවති රැස්විමේදීත් ඔහු ඒ බව ප‍්‍රකාශ කලා.   එම රැස්විමට අදාලව  දාලා තිබුණු පුවරුවල තිබුණේ 113 එකතු කිරීමේ ලකුණයි.  ඒක ඔහුට ඔප්පු කරගන්න බැරිවුනහම  ඔහු පාර්ලිමේන්තුව කල්දාලා පසුව විසුරුවා හැරියා.

මේ සම්බන්ධව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළැඹුනහම ඒ ලැබුනු ප‍්‍රතිපල  වලට අනුව තමන් කරපු දේ නිතියට සහ ව්‍යවස්තාවට පටහැනි බව ජනාධිපතිවරයාට  හොදටම වැටෙහෙන්නට  ඕන. එක තැනක වරදක් වුනහම ඉන් පාඩමක්  ඉගෙන ගෙන නිවැරදි වෙන්න  ඕන. ජනාධිපතිවරයා ඒ වරදින් තවත් වැරදි  ඇතිකරන තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා.

පෙත්සම් විභාග  අවසන් වනතෙක් අගමැතිට සහ ඇමතිවරුන්ට  සිය ධුර දැරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දිලා තියෙනවා. ඒක ඉතාම වැදගත් තින්දුවක් වෙනවා. ඉන් අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුම් කරන අතරම  විවිධාකාර බලපැම්වලට  තර්ජන වලට අධිකරණය සසල නොවන බවත්  එම තීන්දුවෙන් ගම්‍ය වුනා.