(ප්‍රසන්න පත්මසිරි)
මැදගම පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවකු වන සිය පුතාට කෑම පාර්සලයක් සමග හෙරෝයින් මත්කුඩු හා දුම්වැටි ගෙනැවිත් දුන් පියා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැදගම බකිනිගහවෙල පදිංචිව සිටි සොරකම් ඇතුලු දුෂණ සිද්ධි ගණනාවකට වරෙන්තු වී පොලීසිය මග හරිමින් ප්‍රදේශය අතහැර ගොස් සිටි පුද්ගලයකු වන සැකකාර පුතා , ඊයේ (17) සවස පොලීසිය ඉදිරිපිට තිබු තම ඥතියෙකුගේ මළ ගෙදරකට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව අත් අඩංගුවට ගත් ඔහු අද 18 බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී සැකකරුට රාත්‍රි ආහාරය සදහා ගෙනැවිත් දුන් බත් පාර්සලය සමග සිගරට් පැකට්ටුවක දමා හෙරෝයින් මත් කුඩු ගෑමිස් 25ක පැකට්ටුවක්,සිගරට් හයක්,ගිනිපෙට්ටියක් පියා විසින් ලබා දී ඇති අතර එම අවස්ථාවේදීම පියා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනාම අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.