(තරිඳු ජයවර්ධන සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (18) උසස්වීම් නියෝග නිකුත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයක් අනුව මෙම නිලධාරීන්ට උසස්වීම් ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
තමන්ට උසස්වීම් අහිමි කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු අතර එහිදී වූ එකඟතාවය අනුව පෙත්සම්කරුවන් නොවන අයද ඇතුළත් වන පරිදි 26 දෙනකුට උසස්වීම් ලබා දීමට පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව මෙම පිරිසට අදාළ උසස්වීම් නියෝග නිකුත් කළ බව පොලිසිය පවසයි.
තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12 දෙනකු පොරොත්තු ලේඛන ගත කර ඇති අතර ඔවුන් වෙනුවෙන් පුරප්පාඩු 12ක් වෙන් කර තබන බවත්, එම නිලධාරීන්ට එරෙහිව දැනට ඇති නඩු කටයුතු හෝ විනය ක්‍රියාමාර්ග අවසන්වූ පසු උසස්වීම් ලබාදීම ගැන සලකා බලන බවත් පොලිසිය කියයි.