පුරාවිද්‍යාවෙන් ජනපති මැදුරට යයි


(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද එහි ගොස් ඇත.

එහිදී නිරීක්ෂණය වූ කරුණු සමාලෝචනය කර අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.