(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුද්ගලික මූල්‍ය ආයතනයක් වන එන්ට්‍රස්ට් ලිමිටඩ් නම් ආයතනයේ තැන්පත් කළ 50,000කට ආසන්න ගනුදෙනුකරුවන් පිරිසකගේ රුපියල් කෝටි 54කට ආසන්න මුදලක් ඔවුනට අහිමි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ගැටලුවට මුහුණදී ඇත්තේ නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිති ව්‍යුහය යටතේ පැවති ග්‍රාමීය බැංකු අංශයේ ශාඛාවන් 24ක
ගනුදෙනුකරුවන් පිරිසක් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2)යටතේ ප්‍රශ්නයක් මතුකරමිනි.

