(කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
වයස අවුරුදු 9 ක් වූ තම පුතාගේ මුහුණ පියා විසින් ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමේ පුවතක් තෙබුවන ප්‍රදේශයෙන් වාර්තා වේ.
ළමා හා කාර්යංශයට ලැබූණු පැමිණිල්ලක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව තෙබුවන පොලිසිය පවසයි.
මෙම දරුවා පියා, ආච්චි හා සීයා සමඟ තෙබුවන ,පාරමුල්ලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මව ඕමානයේ රැකියාවක නිරතව සිටින බව වාර්තා වේ.
මෙම දරුවා ඉකුත් 03 වැනිදා සවස 4.30 ට පමණ අලුත්හේන ප්‍රදේශයේ ක්‍රීඩා කිරීමට ගොස් 5.00 ට පමණ පැමිණ ඇති අතර එම අවස්ථාවේ බීමත්ව පැමිණ සිටි පියා දරුවාට බැන වැදී තිබේ.
ඉන්පසු පුතාද පියාට බැන වැදීම නිසා කෝප වූ පියා කුස්සියට ගොස් ගිනි පෙනෙල්ලක් ගෙනැවිත් දරුවාගේ මුහුණ පුළුස්සා තිබේ .
දරුවාගේ කම්මුලේ පිලිස්සුම් තුවාල ඇති බව පොලිසිය කියයි .
දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් කරන ලද දැනුම්දීම මත මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ .
දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්.රාජරත්න සහ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක විජයරත්න යන මහත්ම මහත්මීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති .

