(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ බොරු සාක්ෂි ගෙතූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (2) සිතාසි නිකුත් කළේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ දෙවෙනි සැකකරු වශයෙන් පිලපිටිය මහතා නම්කරන බවට ද අධිකරණය දැනුම් දුන්නේය.

