පිලපිටියගේ පෙත්සම සළකා බැලීම ඇරඹෙයි


( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම අද (20) පෙරවරු 11.15ට ආරම්භ විය.

කරුණු දැක්වීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණය  හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් යැවූ නොතිසි පරිදි වැඩබලන පොලිස්පති වෙනුවෙන්  නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත්  රෝහණ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට කැදවිණි.