(+++ මහින්ද නිශ්ශංක)
පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසයි.
පාකිස්තානය ලොකු ලූනූ අපනයනය තහනම් කිරීමත් ඉන්දියාව ලොකු ලූනූ අපනයනය තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් හේතුවෙන් පිටකොටුව ආනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මෙන්ම අපහසුතාවකට පත්ව ඇති බවත් ඔහු කීය.
ඉන්දියාව ලොකු ලූනූ අපනයනය තහනම ඉවත් කරාවි යන විශ්වාසය මත පිටකොටුව තොග වෙළඳුන් හා ආනයනකරුවන් තුර්කිය නෙදර්ලන්තය ඇතුළු රටවලින් ලොකු ලූනූ ආනයනය නොකළ බව පැවසූ මාධ්‍ය ප්‍රකාශක හේමක මහතා මෙරට ආනයනකරුවන් කීප දෙනෙකු ඉන්දියාවෙන් ලොකු ලූනූ මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ඇණවුම් කරන ලදුව එම ලූනූ කන්ටේනර් ඉන්දියාවේ වරායේ රඳවා ඇති බවද පැවසීය.

