(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට හෙට (23) දිනයේත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන් වාහන හා රැගෙන එනු ලබන භාණ්ඩ හා ගමන් මලු හෙට දිනයේත් දැඩි පරීක්ෂාවකට ලක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ආරක්ෂක හේතුන් මත මැතිසබයේ කතානායක ගැලරිය හා මහජන ගැලරිය හෙට දිනයේද වසා තැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ද යොදවනු ලැබ ඇතැයි පවසන පොලිසිය පාර්ලිමේන්තුවට හෙට දිනයේ පැමිණිය හැක්කේ මාධ්‍යවේදීන්ට පමණක් බවද සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ දිනවල දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.