(අංජුල මහික වීරරත්න)
ජනාධිපති බලයට ආවරණය වී ප්‍රජාතන්ත්‍රවාදය යට ගහන්නට තවදුරටත් කටයුතු කළහොත් ලබන සතියේදී ජනාධිපති කාර්යාලය,ජනාධිපති නිල නිවස සහ ජනාධිපති මන්දිරය වටලන බව එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (22) පැවැසීය.
තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ලෙස ක්‍රියා කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන මහා ජන ගඟක් ගෙනැවිත් ප්‍රශ්නය විසඳා ගන්නට සූදානම් බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.