පාකිස්ථානයේ වෙළඳපොලක සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30 දෙනෙක් මිය ගොස් 40 ක් තුවාල ලබා ඇත.
යතුරුපැදියකින් පැමිණි බෝම්බකරු දුරස්ත පාලකයක් මගින් ක්‍රියාත්මක වන බෝම්බයක් මෙසේ පුපුරවා හැර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
පිපිරීමේ ස්වභාවය පිළිබඳ තවමත් අනාවරණය කරගැනීමට සමත් වී නැති අතර ප්‍රදේශය තුළ ගලවාගැනීමේ හා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මෙම පිපිරීම හෙළා දැක ඇති අතර වටිනා මිනිස් ජීවිත අහිමි වීම පිළිබඳ ශෝකය ප්‍රකාශ කර ඇත.
ප්‍රදේශයේ ඇති සාමය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව එරට ප්‍රධාන අමාත්‍ය මොහොමඩ් ඛාන් පැවසුවේය.
( 63226 )