(රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (28) සිමිත එළවලු ප්‍රමාණයක් පමණක් ලැබුණු බවත්,ගොවියාගෙන් වැඩි මිලකට ගොවිපොලේදිම එලවළු මිල දි ගත් බවත් නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ කියති.
නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලික්ස් , ගෝවා , රාබු , අර්තාපල් ,කැරට් සහ බීට්රුට් සිමිත ප්‍රමාණයක් ලැබුණු බවත්,ලික්ස් කිලෝවක් රුපියල් 200-210 , කැරට් කිලෝවක් රුපියල් 220-230 , ගෝවා කිලෝවක් රුපියල් 230-240 , රාබු කිලෝවක් රුපියල් 100-110 ,බිට්රුට් කිලෝවක් රුපියල් 100-150 , අර්තාපල් කිලෝවක් රුපියල් 210 වැනි මිලකට ගොවින්ගෙන් මිල දි ගත් බව විශේෂිත අර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසති .
එලවළු අස්වැන්න වැඩි වන අවස්තාවේ එලවළු මිල සිඝ්‍රයෙන් අඩුවන බවත්, එවන් අවස්තාවල එළවළු ගොවියා රැක ගැනිමට එළවළු ඇසුරුම් කර කල් තබාගත් හැකි ක්‍රමයක් පිලිබදව රජය පෞද්ගලික අංශය එක්ව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් එළවළු අස්වැන්න අඩු කාලයේදි ඉහල යන එලවළු මිල පාලනය කරගත හැකි බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නෙළෙනදෝ කියති.

