(මනෝප්‍රිය ගුණසේකර)
අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් ව්‍යවස්ථාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්මයන්ට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ ක්‍රියාව සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් එහි ලේකම් කෞෂශල්‍ය නානායක්කාර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි අන්දමින් කටයුතු කරන හෙයින් ඔහුගේ කටයුතු සහ ක්‍රියාකලාපයන් හෙළා දැකීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්නැයි ඉල්ලීමක් කොට ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් 150 කට අධික පිරිසකගේ අත්සනින් යුතු ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතාගේ ක්‍රියාව සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවේ 12 (අ) යටතේ ඉල්ලීමක් කිරීම සඳහා බව කියමින් විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්නැයි මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත.
අගමැතිවරයා ඉවත් කිරීම, පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමෙන්තුව කල් තැබීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් ඉතාම බරපතල තත්වයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් කෞෂශල්‍ය නානායක්කාර මහතා වෙත යොමු කළ ලිපියෙන් නීතීඥවරුන් අවධාරණය කොට ඇත.
එම තත්වය නීතීයේ ආධිපත්‍යයට හා යුක්තියට බලපාන ජාතික වටිනාකමකින් යුත් තත්වයක් ලෙස සළකන බවත් අදාළ ලිපියේ සඳහන් කරන නීතීඥවරුන් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අයිතියට හා නිදහසට බලපාන බවත් එසේම එම රටේ ව්‍යවස්ථාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන්ට පටහැනි බවද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
තත්වය එසේ වුවත් ජනාධිපතිවරයාගේ ක්‍රියාව සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වා ඇති බවත් එය නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව ලිපියේ සඳහන් කරන නීතීඥවරුන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ කටයුතු සහ ක්‍රියාකලාපයන් හෙළා දැකීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක්ද කොට ඇත.



