නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට


 (කටුනායක ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු  2/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 විවාහක යුවළක් වන මොවුන්ගෙන් පිරිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර , ඔහු 44 හැවිරිදි කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .

ඔවුන් 2/29 දින අලුයම 4.15 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ  රුපියල් 24,20,000 ( විසි හතර ලක්ෂ විසි දහසක් ) ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 48,400 ක් අඩංගු , දුම්වැටි කාටූන් 242 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර , මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 02 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .