
(ජේ.ඒ.එල් ජයසිංහ)
නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇතිවූ නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන කීපයක් තවමත් හුදකලාවී ඇතැයි වාර්තාවේ.
මෙම නාය යාමට ලක්වූ පෙදෙස් වල මාර්ග අවහිර වී තිබීම නිසා එම ප්‍රදේශවලට ලඟාවීම දුෂ්කර වී ඇතැයි සහන කණ්ඩායම් කියයි. හැකි ඉක්මණින් එම පළාත්වලට සහන කණ්ඩායම් පිටත් කර යැවීමට කටයුතු කරන බව බලධාරීහු ප්‍රකාශකර සිටිති.
ගලයාය,කුරුඳුවත්ත ,කරගල ,දොළොස්බාගේ ,උඩහේන්තැන්න , තෙලිගෘප් ,කොලුවල ,තැලිහුන්න , පිටකන්ද , රජඇල සමර්සෙට් ,වැටකේදෙනිය ,මැදගොඩ , උඩුවැල්ල ,බෙරවිල , පටිතලාව යන ගම්මාන වල අවතැන් වූ ජනතාවට කෑම බීම ,පානීය ජලය , බෙහෙත් ,කුඩා දරුවන්ට අධික ශීතලෙන් ආරක්ෂාවීම සඳහා බෙඩ් ෂීට් ,ඇඳුම් සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වැඩිහිටියන්ට අවැසි ඇඳුම් පැදුරු ඉතා අත්‍යවශ්‍යව පවතින බව ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරුවලින් හෙළිවිය.
නායයමට හසුව සිය නිවෙස් අත්හැර පැමිණි ජනතාවට ඉතිරිවී ඇත්තේ ඇඳිවත පමණක් බව ඔවුහු පවසති.



