(දීපාල් ද සිල්වා)
හික්කඩුව වැල්ලවත්ත දුම්රිය හරස්මාර්ගයේදී අද(02) දහවල් මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් වූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය කියයි.
රියැදුරු වැල්ලවත්තේ සිටින මිතුරකුගේ නිවසට යමින් සිටින අතරතුරදී අනතුරට මුහුණ දී තිබේ.
දුම්රිය හරස් මාරගයේදී දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 150ක් පමණ ඉවතට ඇදී ගොස් නතරව ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර රියැදුරුට කිසිදු තුවාලයක් නොවී දිවි බේරාගැනීමට හැකිව ඇතැයි පොලිසිය පවසයි.


