දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයන් 41ක්


(කීර්ති ප්‍රනාන්දු)

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 41 දෙනකු ඊයේ( 19) දින වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා පවසයි.

මෙම රෝගීන්ට කොරෝනා රෝග ලක්ෂණ හට ගැනීම හේතුවෙන් ඔවුන් රජයේ රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් සිදුකරගෙන ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් තුළින් එම පුද්ගලයන් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇතිබවද අරුණ රන්දෙණිය මහතා පැවසීය.

මෙසේ හඳුනාගෙන ඇති රෝගීන් අතර කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් සීමාවන්ට අයත් වූවන් සිටින බවද අරුණ රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.