(සමන් පාලිත නානායක්කාර )
දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන හිමිවරුන් 20 දෙනකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු විණැයි හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන මහතා අද (02) දින පැවසීය.
දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් 38 දෙනකු පමණ වැඩ වසන බවත් කාර්ය මණ්ඩලය සමග පනස් හත් දෙනකු පමණ සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
හිමිවරුන්ට සෞඛ්‍යාරක්ෂිතව ආව තේව කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් සියලු හිමිවරුන් ඇතුළු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි

