
(සුජිත් හේවාජුලිගේ)
ඔමික්‍රෝන් ආසාදිතයන්ට නැවත නැවතත් රෝගය වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
මේ දිනවල හමුවන සෑම රෝගියෙකුම ඔමික්‍රෝන් ආසාදනයවූ අය බවද හෙතෙම සඳහන් කළේය.
දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අය අතර එකම එන්නත් මාත්‍රාවක්වූ හෝ ලබා නොගත් අයද සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජීවිත අවදානමෙන් ගැලවීම සඳහා එන්නත වහාම ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

