දහම් පාසල් විභාග කල් යයි


(අංජුල මහික වීරරත්න)

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය කල් දැමූ බව අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි.

මෙම විභාගය දෙසැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. රට මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විභාගය කල් දැමූ බව ඇය සඳහන් කරයි.

දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329 ක විභාග මධ්‍යස්ථාන 3389 දී දහම් පාසල් දරු දැරියන් 6,90563 ක සහභාගීත්වයෙන් මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබිණි.

දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය පවත්වන දිනය පසුව දැනුම් දෙන බව සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි.