
උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00 පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිපයක අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතී.

