ත්‍රස්තවාදය


(අජන්ත කුමාර අගලකඩ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සඳහා පත් කෙරුණු කැබිනට් අනු කමිටුව මේ සති අන්තයේ දී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කොළඹ දී හමුවීමට නියමිතය

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම අනු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, අලි සබ්රි, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්ද යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති .

අනු කමිටුව සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් අතර හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වෙන බව එහි සාමාජිකයෙක් පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇතැයි ද ඔහු සඳහන් කළේය .