තණමල්විල පොලිස් සංචාරක රථයට වෙඩි තබා පලා ගිහින්



 
තරිඳු ජයවර්ධන
 
තණමල්විල මූලස්ථාන පොලිසියේ ජංගම සංචාරක රථයට අද අලුයම වෙඩි තබා පළා ගිය වාහනයක් සහ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණයක් අරඹා ඇතැයි මිරිහාන පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි.
 
තණමල්විල-උඩවලව මාර්ගයේ බෝදාගම තුනේ කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.
 
වෙඩි තබා පලා ගිය මෝටර් රථය  සුදු පැහැති වැගන් ආර් වර්ගයේ බවත්, එය සූරියවැව දෙසට නොනවත්වා පළා ගිය බවට තොරතුරු ඇති බවත් පොලිසිය පවසයි.