ජිට් උප්තර පත්‍ර පරීක්ෂකවරුන්ට අයදුම්පත් කැඳවයි


(රංජන් කස්තුරි)

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (ජිට්) 2019,2020,2021 2022 විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මේ මස 25 වැනි දින දක්වා අයදුම්පත් බාර ගන්නා බව විබාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (https://www.doenets.lk) පිවිස අපගේ සේවා යටතේ  ඇති මාර්ගගත අයඳම්පත් ‘‘පාසල් විභාග‘‘ මත click කර අයදුම්පත් පිරවිය හැකි බව ද කොමසාරිස් ජනරාලවරයා පැවැසීය.

(https://onlineexams.gov.lk/eic) වෙත පිවිසීමෙන් ද අයදුම්පත් පිරවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

වැඩදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ 011 - 2785231 ඔස්සේ ලබාගත හැකියි.