(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගම මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා වශයෙන් පත් කරනු ලැබ ඇත.
ඔහු අද (02) අධ්‍යාපන අමාත්‍යංශයේදී නව ධූරයේ වැඩ බාරගත්තේය.
මීට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීයෙකී.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර 04 ක්ද මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 08 ක්ද සේවය කර ඇති ඔහු දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙසද කළක් කටයුතු කළේය.
ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන ඔහු ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිදරයකි.

