ජමෙයිතුල් උලමා ලියාපදිංචි නොකළ සංවිධානයක්


(දසුන් රාජපක්ෂ)

ජමෙයිතුල් උලමා සංවිධානය නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි නොකළ සංවිධානයක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් අද (28) ප්‍රකාශ කළේය.

1927 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ තුළ ක්‍රියාත්මක වන මෙම සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආගමික කටයුතු පිළිබඳව උපදෙස් ලබාදෙන උසස්තම මණ්ඩලය ලෙස සැලකෙන බව ද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිෂන් සභා වෙත දැනුම් දුන්නේය.

එම සංවිධානය හරහා මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බලා අවශ්‍ය පියවර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා  මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) රැස්විය.