
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළේ සාමාන්‍යයෙන් අයවැයකින් පසු අනුගමනය කෙරෙන සම්ප්‍රදාය අනුව යමින් බවත් ජනාධිපතිවරයාගේ කතාවට විපක්ෂය අද දවසේ වැරදි අර්ථකථන දීම අනුමත නොකරන බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
සභානායකවරයා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නැගූ චෝදනාවලට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුලව සෝදාපාලුවට ලක්වී ඇති හෙයින් පවතින සම්ප්‍රදායන් කාලෝචිත නොවන්නේ නම් සාකච්ඡා කර, ඒවා වෙනස් කරගත යුතු පැවසූ ගුණවර්ධන මහතා වසර 75 කට වඩා පැරණි සම්ප්‍රදායන් සහ රීතීන්, අඛණ්ඩව භාවිත කළ යුතුද නැද්ද යන්න ගැන තරුණ පරම්පරාව තුළ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන බවද සඳහන් කළේය.
ජනතා අපේක්ෂා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කිරීමට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට යන දෙපාර්ශවයටම වගකීමක් පවතින බවද සභානායකවරයා අවධාරණය කළේය.
යම් අයෙක් සිටගෙන සිටියාට, බාධක මැදින් ගංඟාව ගලා බැසීම නොනවත්වා සිදු වන බවද ඔහු කීවේය.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම ඉටු කිරීමට එනම් ව්‍යවස්ථාමය බලය, මූල්‍යමය බලය සඳහා මඟ පෙන්වීම කිරීමට දෙපාර්ශවයේම වගකීමක් තියෙන බවත් සියලු දෙනා එක් වීමේ අවශ්‍යතාව ජනාධිපති වරයාද ඊයේ අවධාරණය කළ බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

