චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි


චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු  සංගීතඥයෙකු  හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු  වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17)  අභාවප්‍රාප්ත විය

මිය යන විට 61 වියේ පසු ඒ  මහතා දෙදරු පියෙකි

ඔහුගේ සිනමා නිර්මාණ අතර ආශාවරී චිත්‍රපටිය තිරගත වූ අතර ලබන වසරේදී සිහින ලොවක් චිත්‍රපටයත් තිරගත වීමට නියමිතය.

ගී පදරචකයකු මෙන්ම  සංගීතඥයෙකු වූ  ඉද්දමල්ගොඩ මහතා  නිර්මාණය  කළ ශිහාන් මිහිරංග ගායනා කළ මිහිරාවියේ ගීතය  ජනාදරයට පත් විය.  

ඔහු  චිත්‍රකතා ශිල්පියෙකු ලෙස සිත්තර සුහද  ආදී  චිත්‍ර කතා පුවත්පත්  හැඩ කළ අයෙක්ද වේ

කලා පවුලක සාමාජිකයෙකු වන හෙතෙම චිත්‍රපටි අධ්‍යක්ෂක සිරිල් පී අබේරත්න සහ ජනප්‍රිය ගායිකාවක් වන  ස්වර්ණා අබේරත්න යන අයගේ පුතුණුවන්ද වේ.

දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ රෙස්ට්පෙක්ට් ශාලාවේ තැන්පත්  කර ඇති අතර අවසන් කටයුතු පිටකෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථාන සුසාන භූමියේදී  අනිද්දා (20) පස්වරු 3.39ට සිදුකෙරේ.

(ආරියරත්න  රණබාහ)