(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානය අභිබවා යමින් ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව හැකියාව ලැබී තිබෙන බව ඉන්දීය රජය පසුගියදා නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචන වාර්තාවේ දැක්වේ.
මීට පෙර ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය හිමිකම් කීවේ ජපාන යයි. ඉදිරි වසරවලදී ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනිය පසුකර යාමටද ඉන්දියාවට හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් මෙම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තහවුරු කළ යුතු අතර එය ලබන වසරේ මුල් භාගයේදී සිදුවනු ඇත.
ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18 දළ දේශීය නිෂ්පදිතයකට හිමිකම් කියමින් ජපානය පසුකර ගිය බවත් 2030 වසර වනවිට දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ඉහළ දමා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය රජය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව වසර 2.5ත් 3ත් අතර කාලයකදී 2030 වසර වනවිට ඉන්දියාවට ජර්මනිය පසුකර යාමට හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
2028 වසර වනවිට ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.46 ක දළ දේශීය නිෂ්පදිතයකට හිමිකම් කීමට හැකියාව ලැබෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාව ජපානය අභිබවා යයි