IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බසයට යට වූ කත මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 මීරිගම බස් නැවතුම්පලේදී අද (31 )දහවල් බස් රථයකට යටවූ කාන්තාවක් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අලව්ව ඉහල බුත්ගමුවේ පදිංචිකාරියක වූ ඩබ්ලියු.ඒ. සුමනාවති නැමැති 65 හැවිරිදි මවක බවට පොලිසිය අදුනාගෙන ඇත.

මියගිය කාන්තාව උදෑසන ඇගේ දියණියක සමග රේන්දපොල බෝධියට පැමිණ වන්දනාමාන කර ආපසු     යාමට අලව්ව බසයට ගොඩවී සිට ඇතැයිද ඒ අතර දියණිය යලි බසයෙන් බැස බැංකුවේ මුදල් හුවමාරු    යන්ත්‍රය ඇති ස්තානයට ගොස් ඇතැයි හෙලිවී ඇත.

මේ අතර බසය පිටත්වීමට සූදානම්ව ඇති බවත් ඒ අවස්තාවේ මව බසයෙන් බැස දියණියට කතා කර ඇය සමග යළි බසයට ගොඩවීමට පැමිණ දියණිය බසයට ගොඩවී ඇති අතර ඒ අවස්තාවේදීම මීගමුව සිට පැමිනි වෙනත් බස් රථයක මෙම කාන්තාව ගැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව අනාවරණය වී ඇත.

 



අදහස් (0)

බසයට යට වූ කත මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site