(ඩී.ජී. සුගතපාල )
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරිය පෑම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (31) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ජිලිත් නිශාන්ත.(එ.ජා.ප) කපිල කොහොඹන්ගේ(එ.ජා.ප) එම්.එම්.යෙෂිර්(ස.ජ.බ) ප්‍රභාත් සෙනවිරත්න(ස.ජ.බ) හිමාලි චම්පිකා (ශ්‍රි.පො.එ.පෙ) යන මන්ත්‍රිවරුන් සිව් දෙනා සහ මන්ත්‍රිවරිය ඇතුලු පස් දෙනාය.
සැකකාර නාගරික මන්ත්‍රීවරුන් පිරිස ඊයේ පැවති මහ නගර සභාවේ සභාවාරයේදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරින් රැඳී සිටින දෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කරමින් පෙර පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලකදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් ක්‍රියාකළ ආකාරයට විරෝධය පළ කිරීමට හේතුවිය.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.එස්.ජයවිර පොලිස් පරික්ෂකවරුන්වන ඩි.ජී.ආනන්ද.කේ.ජි.ජයසිරි සැරයන් සරත්(6387) යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවන ලද අතර නිතිඥ ප්‍රසිත වල්ම මහතා පැමිණිල්ලට සහාය විය.
සැකකරුවන් වෙනුවෙන් කාවින්ද්‍ය ජයවර්ධන,ලිලානන්ද ඩයස්,ජයන්ත ජයවිර,තාරක නානායක්කාර,ඒ.ඩී.සි.දර්ශණ,රනිල් අතපත්තු,හර්ෂණි සිරිමාන්න,රජින්ද්‍ර නාරංගොඩ යන නිතිඥ මහත්ම මහත්මින් පිරිසක් පෙනි සිටියහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාල්ල නගරසභා කලබලයට අත්අඩංගුවට ගත් පිරිසට ඇප
හසක Wednesday, 31 December 2025 06:34 PM
පෙරකල ආණ්ඩුවල මිරිස් කුඩු, පුටු කකුල් ව්‍යාපෘති ඊලඟ වසරේදීත් විවිධ මුහුණුවරින් කරගෙන යාමට ආශිර්වාද ලැබේවා!