(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති ‘ඔමික්‍රෝන්’ නැමැති විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබදව සැළකිලිමත් නොවුණ හොත් බරපතල තත්වයක් ඇතිවිය හැකි බවත් එම ප්‍රභේදය ආසාදිතයන් රටට ඇතුල්වීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්‍ෂණ වාහාම ආරම්භ කළ යුතු බවත් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
ස්වභාවික ප්‍රතිශක්තිය සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා ශ්‍රී ලංකාව රටක් හැටියට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන සිටින බව කී රවී කුමුදේෂ් මහතා ‘ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය වන සහ එන්නත් සියල්ලට ප්‍රතිරෝධය දක්වන එකක් වීම නිසා එය පැතිරුණු හොත් දැනට තිබෙන වසන්තය අවසන් වනු ඇති බව ද සඳහන් කළේය.
ගුවන් සහ වෙනත් මාර්ගවලින් රටට ඇතුළුවන පුද්ගලයන් පී.සී.ආර්., ප්‍රභේද සහ නියැදි පරීක්ෂණවලට සම්බන්ධ නොකළ නිසා දැනටමත් ‘ඔමික්‍රෝන්’ රට තුළ තිබිය හැකි බවත් ඉදිරියේදී එම වයිරස් ප්‍රභේදය බහුලව ඇතු`ඵ වියහැකි බවත් රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.

