(ජේ.කේ.එල් චාමින්ද)
ගිංතොට තුනී ලෑලි සංස්ථාව පිහිටි අක්කර 17 ක වපසරියකින් යුතු ඉඩම වහාම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමීන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ප්‍රජා සංවිධාන රැසක සාමාජිකයෝ අද (03) කරාපිටිය නගරයේ සහ ගාල්ල නගරයේ මහජන පෙත්සමකට අත්සන් ලබාගත්හ.
ගිංතොට තුනී ලෑලි සංස්ථාව පිහිටි අක්කර 17 ක ඉඩමක් එක්තරා පෞද්ගලික සමාගමකට එහි බදු පදනම මත මීට වසර ගණනාවකට පෙර ලබා දී ඇති අතර එම ඉඩම නැවත රජයට පවරා ගන්නා ලෙස රජයෙන් ඉල්ලමින් මෙම මහජන පෙත්සම අත්සන් කරනු ලැබුණි.
මෙම පෙත්සම අත්සන කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.


