කෝපා මහා පුටුව කබීර් හෂිම්ට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන කෝපා කමිටුවේ සභාපති ධූරය සදහා  ජන බලවේගයේ කබීර් හෂිම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  (කෝපා) සභාපති ධූරයෙන්  ඊයේ(6)  ඉල්ලා අස්විය.

ඔහු මෙසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට එකඟතාව පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩකඩ සලසා දීමට තමා මෙම තීරණය ගත් බව අරවින්ද සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු අතර පවතින්නකි.  රජයේ ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ ඊට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම  එම කමිටුවට පැවරී ඇති වගකීමයි.

අරවින්ද සෙනරත් මහතා කෝපා කමිටුවේ සභාපති ධුරයට පත්වූයේ  ජනවාරි මස 24 වැනිදාය. ඒ අනුව ඔහු මාස හතකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.