කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්


කොළඹ- කටුනායක  අධිවේගී මාර්ගයේ  පෞද්ගලික බස්  රථ රියදුරන් අද (18) වර්ජනයක් අරඹා තිබේ.

ලංගම බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් පෞද්ගලික බස් රියදුරකු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා  ඔවුහු මෙලෙස වර්ජනයේ නිරතව සිටිති.

 

(36698)