(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව හා මාතලේ අතර සතියේ සිකුරාදා සහ සෙනසුරාදා ධාවනය කෙරෙන දුම්රිය මේ මස අග සිට දිනපතා ධාවනය කිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම දුම්රිය සතියේ දින පහේම ධාවනය කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහින්ද අමරවීර හා දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස දිනපතා ධාවනය කිරිමට පියවර ගෙන තිබේ.

