
(ජේ. ඒ.එල්.ජයසිංහ)
මහනුවරට ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතූවෙන් අඩපණ වූ කොළඹ - මහනුවර පුද්ගලික බස් සේවාව අද සිට යළි ආරම්භ කළ බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා කීය.
දැනට කොළඹ බලා මහනුවරින් ධාවනය වන වායූ සමනය කළ නගරාන්තර සේවා බස් රථ 18 ක් ,ගලගෙදර මාර්ගයෙන් ධාවනය කරවන බවත් ,සාමාන්‍ය සේවා කොළඹ බලා ධාවනය වන බස්රථ ගලගෙදර කුරුණෑගල හරහා ධාවනය කෙරෙන බවත් අධිකාරියේ සභාපති වරයා පැවසීය.

