(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ දෙමහල් සුපිරි වෙළඳ සැලක අද (17) ඇති වූ ගින්නකින් එම වෙළඳ සැලේ දේපල වලට බරපතල අලාභ වී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා පැමිණි කොළඹ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ ඇස් වලට සිදුවූ තුවාල හේතුවෙන් කොළඹ ඇස් රෝහල වෙත යොමු කළ බවද පොලිසිය කියයි.
ගින්න ඇති වූ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සේවයේ යෙදී සිටි සේවකයන් හත් දෙනෙකු තේ පානය සඳහා පහත මහලයට ගොස් සිටියදී පිපීරීමක් සමඟ ගින්න හට ගෙන ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙලි වී ඇත.
සේවකයින් විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට කරන ලද දැනුම් දීමක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය කොළඹ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට ලඟා වු ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පිරිස ගින්න පාලනය කිරීමට දැඩි උත්සහයක නිරත වූහ.