කොරෝනා මරණ 20 සිමාවේ


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,440 දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 60 ට වැඩි 15 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 6 දෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 17 දෙනකු සහ කාන්තාවන් 4 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.