(නිමන්ති රණසිංහ)
නිසි බලධරියකුගෙන් ලබා ගන්නා ලද බලපත්‍රයක් නොමැතිව කැළණී ගඟෙහි වැලි ගොඩ දැමීමෙන් වරදක් කළැයි කියන සිද්ධියකට අදාළ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් කුමාර ඇතුලු සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් 7,500 ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (20) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 200, කිත්තම්පහුවල වැල්ලම්පිටිය ලිපිනැති පහල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තන්තිරිගේ ජගත් කුමාර සහ අංක 180, කිත්තම්පහුවල වැල්ලම්පිටිය පදිංචි වරදමුණීගේ ගෙදර උදිත ලලීන් කුමාර ජයත් නැමැත්තන්ය.
මෙම සිද්ධියට අදාළව ඉකුත් 16 වැනිදා වැල්ලම්පිටිය පොලීසිය පොලිස් ඇප මත මුදා හැර සිටි මෙම සැකකරුවන් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

