කොටවෙහෙරෙන් පුංචි සාක්කියක්


 

(යොහාන් භාසුර)

රඹුක්කන, දැලිගම කොටවෙහෙර පුරාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් කරඬු නවයක් සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් එම ධාතු මන්දිරයේ සොයාගත් හිසකෙස් දෙකක් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා දෙදෙනෙකුගෙන් වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් මේ දක්වා කළ පරීක්ෂණවලදී සොයාගත් එකම සාක්ෂිය බවට මෙම හිසකෙස් දෙක පත්ව ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අංශ කීපයක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.