( රංජිත් රාජපක්ෂ )
හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය අසල ඉඩමක (19) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
(19) පස්වරු 1 ට පමණ හැටන් කොටගල පිහිට ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යයාලය පිටුපස ඉලුක් සහිත ඉඩමේ මෙම ගින්න හටගෙන ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ගිනි නිවන ඒකකයේ නිලධාරින් , දිඹුල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට සමත් වි ඇත.



