(නිමල් ජයරත්න )
මහවැලි ගඟ පිටාරගැලීම හේතුවෙන් සුංගාවිල සෝමාවතීය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීමත් සමඟ අද (18) සියලු වාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, සෝමාවතිය ප්‍රදේශය අඩියක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අද දහවල් සිට සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බවද පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ මේ වනවිට ජලධාරීතාවය අක්කර අඩි එක්ලක්ෂ එක්දාස් හාරසියයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන්නේ ජල ධාරිතාවය අක්කර අඩි 116,000 ඉක්ම වූ පසු බව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ශාන්ත ගමගේ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහවැලිය පිටාර ගලයි:සෝමාවතිය පාර වහයි